Posts

Showing posts from January, 2022

සිතුවිල්ලක්

Image
  දන්න කියන තැන්වල හුරු පුරුදු  ගති එක්ක  එකම එක  දෙකට  රැවටෙන්න  හොදම  නෑ  මිනිස්සු  ............. අපිම  හොයාගත්තු තැන් ළගම තමයි අපි    ගිහිං හප්පගෙන  ඇන ගන්නෙත්  දවසක  💚💚

නුඹ

Image
පෙරවද පසුවදන අතරමැද පටුන හැදින්විමක් නොම දැනුනු මග පෙරලෙන පිටු අතර අරුත සොයන  නමුදු ලියාගන්නට  පද ගොතන්නට  නොහැකි වූ  නිහඩ කවියකි  නුඹ ......... 🖤🖤

බෝගන්විලා

Image
  පැතු දෙවල් හේතු නැතුවම  ගියාත් ඔහෙ පාවෙලා  තාම සද එතනමයි නිවෙනවා  අදත් අමාවක එක්කලා බිගුන් මල්  මත සරන්නෙ  රොන් ගන්න විතරයි  මල් තලා සුවද නැතිවට  ලස්සනයි මට  කටු පිරුනු  බෝගන්විලා  🌼🌼🌼

තත්සර

Image
  මියුරු තත්සර  අපුරුය නුබ  අදටත්  එදා වගෙම  කැඩෙන  බිදෙන රිදෙන  ඉකිබිදින  හදවත්  සුවපත්  කරන .....

මතක

Image
  කළුපාට වෙච්චි බොද වුනු  ඉරි තැලිලා ගිය  "මතක" හිත් වලට  රිංගුවෙම  හුල්ලගෙනමයි  උනාට, සමහර තැන් වල  හිනාවෙන්න  යටගියාවක  අහුමුළු අවුස්සන්න තිබ්බෙමත්  එච්චරමයි .

කතා කරන ඇස්

Image
  හිනාවක්  දීපු  ඇස් වලට ආදරෙයි , කිවුවෙ ම  මිනිස්සු  කට කොනිත්තට  හීන් සිරුවට  හැම කාලෙකම මිනිස්සු  හමුවෙවි  ගනුදෙනු  වෙනස් වෙවි ..... දන්නවද ? ඇස් තමයි  ගනුදෙනුව  හොදටම කළෙ , මිනිස්සු එක්ක .... කට ටිකක්  බොරු කලාට  ✍️ චන්දිමා රත්නායක   

හදක් කියපු කතාවක්

Image
  සීතලෙ  ගැහි ගැහි කළු වළාකුළු වලින් බෙරි බෙරි  කළු වෙච්චි  රෑ  අහසට  එළිය දෙන එක , උණුහුමෙ ඉන්න  ඉරට වඩා  අමාරුයි කියලා  නොතෙරුනෙත්  මේ  අහසටමයි ........

දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස

Image
 පෙමතො ජායති සොකො  පෙමතො ජායති භයං මෙය බෞද්ධ ධම්ම පදයෙ එන ගථාවකි.ගථා පාඨය ගුරු කොට ගත් එදිරිවීර සරච්චන්ද්‍රයො පෙමතො ජායති සොකො ඔපෙරාව තුලින් ප්‍රෙමයෙ විරහව ඉදිරිපත් කිරිමට උත්සහා දරයි.සම්භාව්‍ය සද්ධම්මාලංකාරයෙ එන ස්වර්නතිලකා කතා වස්තුවට වඩා වෙනත් කොනයකින් ගැහැනිය දෙස විමසා බලන එදිරිවිරයන් නට්‍ය පෙළ තුලින් රසිකයා ශොකාන්තයක් වෙත ගෙන යයි .ගතානුගතික බමුණු පැවතුම් මත එල්බ ගෙන සිටි උද්දාල බමුණා ස්වර්නතිලකා නෙත ගැටිමත් සමග විශාල පරිවර්තනයකට ලක් වෙයි .ස්ත්‍රින් පිළිකුල් කිරිමේ ප්‍රතිපත්තියට තිත තබන ඔහු තම සිසු පරපුරද අමතක කර දමයි.නොයෙකුත් ඝට්ටන මද්‍යයෙ ස්වර්නතිලකා විවහ කර ගන්නා අතරම අවසන ඇයගෙ මිනිය දැවෙන දර සෑයට පැන තම ජිවිතයෙන් සමු ගනි .ප්‍රෙමයෙ සොකය විරහව උපන් මෙකි සිදුවිම් පෙළ වේදිකාගත වන අවස්තාවෙදි  රසිකයා තුල ප්‍රෙමයෙ විරහ පිළිබදව අවබොදයක් ලබා දෙයි . එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මනමෙ නාටකයෙදි "ප්‍රෙමයෙන් මන රංජිත වේ නන්දිත වෙ" ලෙසද සිංහබාහු නාටකය තුළදි "අසිරිමත් වු දෙයකි මේලොව ප්‍රෙමය නමිනා" යනුවෙන්ද ප්‍රෙමයෙ චමත්කාරය පවසන අතරම මළගිය ඇත්තො,මළවුන්ගෙ අවුරුදු දා කතා තුලදි ප්

?

Image
  වදා දරුවන් දහ හතරක්ම  මුම්ටාස් ගියා ඔබ  පරලොවට ...... බිසො කරගෙන  ඔබේ  නැගණිය ම ..... හැදුවලු  සා ජහාන්  ඔබ නමින්  මහ කිරිගරුඬ මාලිගාවක්  ............................... හැමොම කියන ආදරෙ සංකේතය  ඒත් කොහිද ? ටජ්මහලේ  ආදරයක් .......

වෙස් මාරුව

කඩිමුඩියෙ යතුරුපැදියට නැගගත් ඉන්දික වහා නිවෙස් සීමාවෙන් පිටව යන්නට වුයෙ පමා නොවිය යුතු ගමනාන්තයක් වෙත ළගා විමෙ අපෙක්ෂාවෙනි .තිහ නොඉක්ම වු ඔහු සිව් වසරක සරසවි කුරුටු ගී ලියු සබරගමු විශ්ව විද්‍යාලයේ  උපාධිධාරීයෙකි.පුංචි ගී පදයක් කට කොනට තුරුල් කර ගනිමින් ඔහු ඇදෙන මාවතෙ එක් නැවතුමක් වන්නෙ තම ගජ මිතුරාගෙ නිවහනයි .ඉන්දිකගෙ යතුරුපැදිය එක් වරම තිරිංග යෙදුයෙ පිටුපස අසුනෙ හිඩැස පිරවිමට මිතුරාට අවස්ථාවක් ලබා දෙමිනි . ඉතිම් සහොදරයා ,ගමන දුරයි .යමු යමු කියමින් මිතුරා වු සංකෙත් යතුරු පැදිය මතට නැගගන්නට වුයෙ යකඩ තොප්පිය හිස දවටා ගනිමිනි . ගමනෙ විඩාව නෝබො වෙලාවකින් ඔවුන් අභියස නෝක්කාඩු ගොතන්නට විය .කුසටද යම් පිළිසරනක් අවශ්‍ය බව වැටහුනි . බඩගිනි එහෙම නැද්ද බන් ... ආයෙ පෙන තෙක් මානෙක  වතුර ටිකක් වත් නැති පාටයි . සුදුවතින් ගැවසිගත් බිත්ති කණුමතින් අහස් ගැබ වැලද ගැනිමට මග බලන ගොඩනැගිලි සංකිර්නයක් ඉදිරිපිට ඔවුනගෙ  රොද දෙක නැවතුනි .දැවැන්ත ගෙට්ටුවකින් ආවරණය කොට ගත් භුමි භාගය තුළ අව් පහරින් දිස්නෙ ගසන මොටර් රථ හා කළු කබාකාරයින් කඩිමුඩියෙ ගමන් කරන අයුරුද කාකි කලිසම් කරුවො එහෙ මෙහෙ යන අයුරුද පෙනෙයි . මේ උසාවි

ඇය

Image
ජිවිතයෙ කළු වළා  සුදු සිනාවෙන් වසා  සිප් හලෙ දුව පැන්න  කාල පරිච්ඡේදයක  අදුරු අහුමුළු වල  රිදුම් පිරිමදින  ඉතිහාස කතාවක  චරිතයක් නොවු  ඔබ .......... අනවසරයෙන්ම  නොදැනිම  හදෙ ලැගුම් ගත්  ඔබ ..... කොයින් ආ කවුරු දැයි  සොයාගත නොහැකි මුත්  සොදුරුතම කතා මුමුණණ  මොනාලිසාවකි  නමින් ගුරු වූ .....

සොයමු ප්‍රේමයක ගැඹුර , දන්න හදුනන බැද්දෙගමින්

💫💫  යෞවනත්වයෙ  කොඩුකාරයන් දෙපලකගෙ ප්‍රෙමාන්විත හමු විම අපුර්වත්වය මුසු කොට ඉදිරිපත් කිරිමට බැද්දෙගම කතුවරයා සමත් වන්නෙ බබුන් පුංචිමැනිකා උපයොගි කර ගෙනය.බබුන් නැමති කඩවසම් තරුණයා බැද්දෙගම කතාංගයට කැන්දාලමින් පසළොස් වියැති පුංචිමැණිකා අතර ප්‍රේමණිය බන්දනයක් ගොඩ නගයි .නවකතාවෙහි තුන්වැනි පරිච්ඡේදය පුරාවටම ලියැවෙන්නෙ මෙකි ගෙතුමයි. "ඇසළ මල් රෑනින් මුළු වනයම රන්වන් උණෙය .සුදු කරඹ මලින් ද සුදු හා දම් පාට කෙතන් මලින් ද පදුරු වැසි ගියෙය.... වලිකුකුළන්ගෙ හා මොනරුන්ගෙ නාදයෙන් වනය ඒක නාද විය ." වනයට වසන්තය උදා වු සමය මෙය විය .බබුන් අප්පුගෙ සහ පුංචිමැණිකාගෙ ජිවිතයට වසන්තය උදා වුවා සෙය .නිර්මල පිවිතුරු උණුසුම් සිතුවිලි ගොන්නෙන් යොවුන් හදවත් පිරි පවති .එවා ඇසළ මල් මෙන් රන් වන් වු අතර කරඹ මල් මෙන් ස්වෙත වර්ණ විය .කතුවරයා අපුරු අයුරින්  වනයෙ සෞන්දර්ය ඉගි කර දක්වා තිබෙයි .ඔවුන් දෙදෙනාගෙ එක් විමට බැද්දෙගම වනය ආශිර්වාදය ගෙන එයි . යාබද නිවසෙ සිටින පුංචිමැණිකාගෙ රෑපය නෙත ගැටෙන බබුන්ගෙ සිත උද්දාමයට පත් වෙයි .හේන් වාරයෙ එක් දිනකදි තම සිතැගි ඇය වෙත ප්‍රකාශ කිරිමට බබුන් කටයුතු කරයි . "ඇයි උඹ දුව

බැද්දෙගමින් හමුවු පිය සෙනෙහස

උබ වගෙ හොද තාත්තා කෙනෙක් මේ ගමෙ හිටියාද ? දයාබර දියණියකගෙ මුවග මිමිණුනු පිය සෙනෙහසක වචන ගැලපුමට ජිවය දෙන්නෙකු බැද්දෙගම කතු පිටු අතර රදවාලුයෙ  " සිලිදු " ලෙස නම් තබමිනි.සැබවින්ම ඔහු පිතෘත්වයෙ සන්කේතාත්මක පසුබිම මතින් බැද්දෙගම තුල සැරි සරන්නට විය. සිලිදුගෙ පැල්පතට එකමත් එක කාලෙක අරක් ගත් පුන්චි ගෙබි පැටික්කියො දෙදෙනෙකු සමගින් සිලිදු බැද්දෙගම පිටු අතර රදවාලු පීතෘ සෙනෙහස මායිම් නොවිය .මව් සෙනෙහසෙ අග හිගකම ජිවිත කතාවට උපතින්ම අදා ගනිමින් උපන් සිලිදුගෙ නිවුන් දුවරුන් දෙදෙනාට ඔහු ලබා දුන් ආදරය ,සෙනෙහස බැද්දෙගමින් නම් දුන් වැදි මිනිසා වු සිලිදු සහෘද අභිමුව කරුණාබරිත චරිතයක් බවට ද පත් වන්නෙ එතැන් සිටය . දරු ප්‍රසූතිය දරුවනට මව අහිමි කල විට සිලිදු සිය සොහොයුරිය වන කර්ලිනාහමි කැදවගෙන අවුත් දරුවනට අපූර්වාන්විත මවක් හදුන්වා දුන්නෙය.නමුත් වසර තුනක් යන තුරවටවත් පුංචිමැණිකාත් හින්නිහාමිත් ලෙස නම් ගත් සිය දරුවන් පිලිබද  කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් සිදු නොකලෙය.දිනෙක බහ තෝරණ පුංචිමැණිකගෙ මුවින් ගිලිහෙන කටකාර සිගිති වචන ගෙතුමන් සිලිදු හා දරුවන් අතර හාදකමෙ මුල් බිජුව රෝපණය කරන්නට විය. "උඹ හොද

දවසක

Image
මුරුගසන්  වැසි වේලාවක නිදහසේ එක් කොනක හිද  අතීත අනාගත  මතක  අවුස්සා .... කැමතිම සියුම්වට  ගැයුනු ගී  දෙකනෙ දොන්කාර වෙන්ට ඉඩ දී  රස බලන්නට  හිතයි දවසක