වෙස් මාරුව

කඩිමුඩියෙ යතුරුපැදියට නැගගත් ඉන්දික වහා නිවෙස් සීමාවෙන් පිටව යන්නට වුයෙ පමා නොවිය යුතු ගමනාන්තයක් වෙත ළගා විමෙ අපෙක්ෂාවෙනි .තිහ නොඉක්ම වු ඔහු සිව් වසරක සරසවි කුරුටු ගී ලියු සබරගමු විශ්ව විද්‍යාලයේ  උපාධිධාරීයෙකි.පුංචි ගී පදයක් කට කොනට තුරුල් කර ගනිමින් ඔහු ඇදෙන මාවතෙ එක් නැවතුමක් වන්නෙ තම ගජ මිතුරාගෙ නිවහනයි .ඉන්දිකගෙ යතුරුපැදිය එක් වරම තිරිංග යෙදුයෙ පිටුපස අසුනෙ හිඩැස පිරවිමට මිතුරාට අවස්ථාවක් ලබා දෙමිනි .

ඉතිම් සහොදරයා ,ගමන දුරයි .යමු යමු

කියමින් මිතුරා වු සංකෙත් යතුරු පැදිය මතට නැගගන්නට වුයෙ යකඩ තොප්පිය හිස දවටා ගනිමිනි .

ගමනෙ විඩාව නෝබො වෙලාවකින් ඔවුන් අභියස නෝක්කාඩු ගොතන්නට විය .කුසටද යම් පිළිසරනක් අවශ්‍ය බව වැටහුනි .

බඩගිනි එහෙම නැද්ද බන් ...

ආයෙ පෙන තෙක් මානෙක  වතුර ටිකක් වත් නැති පාටයි .

සුදුවතින් ගැවසිගත් බිත්ති කණුමතින් අහස් ගැබ වැලද ගැනිමට මග බලන ගොඩනැගිලි සංකිර්නයක් ඉදිරිපිට ඔවුනගෙ  රොද දෙක නැවතුනි .දැවැන්ත ගෙට්ටුවකින් ආවරණය කොට ගත් භුමි භාගය තුළ අව් පහරින් දිස්නෙ ගසන මොටර් රථ හා කළු කබාකාරයින් කඩිමුඩියෙ ගමන් කරන අයුරුද කාකි කලිසම් කරුවො එහෙ මෙහෙ යන අයුරුද පෙනෙයි .

මේ උසාවියනෙ බං

සංකෙත්ගෙ නෙතු අසල තිබු නාම පුවරුව වෙත ඇදි ගියෙය .එහි වුයෙ මහෙස්ත්‍රාත් අධිකරණය - බකමුණ යනුවෙනි .

මේ කැන්ටිමකුත් තියෙන්නෙ බං

එනම් මෙතනින් කාලාම යමු 

හා ....හා 

ටකරමින් සෙවිල්ලක් ලත්  වරිච්චි බිත්ති මතට සිමා වු ආලින්දයකින් බැදුනු ආපනශාලාව ප්‍රියමනාප විය .මැදිවියෙ සිටින පුද්ගලයෙකු එහි උරුමකරු විය .

දෙදෙනම අත රැදි හිස් ආවරන මදකට මේසය මත තබා ජල කරාමය වෙත ගියෙය .එත් සමගින් මුදලාලිගෙ රොස් පරොස් වදන් ඔවුනගෙ දෙකනෙ වැකිණ .

මේ ඇත්තො නොදන්න හැඩයි .මේ කෑම කඩයක් බව 

ඇයි මුදලාලි එහෙම කියන්නෙ 

කෑම කන තැනක මෙහෙම හෙල්මට් ගලවන සිරිතක් තියෙනවද ? ඔතන අපිරිසිදු වෙනවා කියල මම අමුතුවෙන් කියන්න ඔනිද 

නිහඩ පිලිවෙතක් අනුගමනය කල මිතුරො හිස් ආවරණ යතුරු පැදිය මතින් තබා පැමණියෙය .

නුරුස්සා මුවගින් සංග්‍රහ කිරිමට ආපනශාලා හිමි කටයුතු කළෙය .බැදගත් බෙරය ගසන නියාවෙන් ඔවුන් සංග්‍රහය භුක්ති වින්දෙය .


 මේත් සමග ආපනශාලාවට තවත් දෙදෙනෙකු ගොඩවැදීය .ප්‍රතාපවත් ලිලාවකින් යුතු ඔවුන් කාකි ඇදුමෙහි නියොජිතයන් විය.

මුදලාලි ......

තරමක උස් හඩක් ඔවුන් තුල තිබුනි 

කන්න මොනවද තියෙන්නෙ 

වෙනදා කෑම තමයි මහත්තයො 

පොලිස් මුර භටයන් දෙදෙන ආපනශාලාවෙ කෑම තබා තිබු ස්ථානයට ගමන් කොට එහි කෑම තොරන්නට විය .

ඔවුන්ද් හිස් වැසුම් ආපනශාලාවෙහි වු මේසයක් මත තබමින් ආහාර ගැනිමට සුදානම් විය .නමුත් මිතුරන් ඉදිරියෙ තැබු දොස් පරොස් කාකි ඇදුමට හිමි නොවිය .මුදලාලි දෙස බැලු ඉන්දික ඔහුට සරදම් සිනාවක් ලබා දෙන්නටද අමතක නොකළෙය .

කඩිමුඩියෙ තේ කොප්ප දෙක ගිල දැමු පොලිස් නිලධාරින් දෙදෙන යලිත් හඩ අවදි කළෙය .

මුදලාලි . ....

ගින්දර ටිකක් තිබුනානම් හොදයි 

නිහඩවම සිය මුනිවත රැකගත් ආපනශාලාහිමි  දල්වන්නට තිබු සුරුට්ටු දෙකක් හා ගිනිපෙට්ටියක් අතැතිව පොලිස් භටයින් අසල රැදෙන්නට විය .සමාජය ඉදිරියෙ වෙස් මවාලන චරිත දෙස මද වෙලා බල සිටි මිතුරො කෑම ගාසතු ගෙවා යාමට සැරසුණි .දැල්වි ගිය දුම් වැටි මතින් නගා ගත් දුම් ජලාවක් ඔවුන්ගෙ නාස් පුඩු අතර රැදෙන්නට විය .ආපනශාලාව දෙස නැවත වරක් බැලු ඉන්දිකගෙ නෙත් ,

ආපනශාලාව තුළ දුම් බිම තහනම් ....

යනුවෙන් ලියවු වචන කිහිපයක් විය .එය වචනයන්ට පමනක් සිමා වූ දෙයක් බව මිතුරො අවබොධ කොට ගත්තෙය  .






Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය