Posts

ප්‍රාර්ථනාවක් 💔

Image
  ප්‍රෙමණිය මිනිසුනි ගෙවන තප්පරයක් පාසා සසරෙ ආයෙ ආයෙම  අප වේලාසනින්  හමුවිය යුතුමය.....💔🥺 නොසිතු නිමෙශයන් වල වේලාසනින් අනවසරින් පැමිණ, ගැහෙන හදවතෙ  හුස්ම බර කළ හිතවතුනි අප යළි කිසිදු දිනයක  නැවත හමු නොවිය යුතුමය 💔 ගෙවා දමන  කාෂ්ටක දිවියට හිරිකඩ වැහිපොඳ ඉසින 🌧️ ප්‍රානසාරි හිතවතුනි ඔබව නැවත නැවත හදවතින් ම  සිපගන්නට අවැසිමය.......... 🌼✊ රත්නායක ✍️

සිතුවිල්ලක්

Image
  දන්න කියන තැන්වල හුරු පුරුදු  ගති එක්ක  එකම එක  දෙකට  රැවටෙන්න  හොදම  නෑ  මිනිස්සු  ............. අපිම  හොයාගත්තු තැන් ළගම තමයි අපි    ගිහිං හප්පගෙන  ඇන ගන්නෙත්  දවසක  💚💚

නුඹ

Image
පෙරවද පසුවදන අතරමැද පටුන හැදින්විමක් නොම දැනුනු මග පෙරලෙන පිටු අතර අරුත සොයන  නමුදු ලියාගන්නට  පද ගොතන්නට  නොහැකි වූ  නිහඩ කවියකි  නුඹ ......... 🖤🖤

බෝගන්විලා

Image
  පැතු දෙවල් හේතු නැතුවම  ගියාත් ඔහෙ පාවෙලා  තාම සද එතනමයි නිවෙනවා  අදත් අමාවක එක්කලා බිගුන් මල්  මත සරන්නෙ  රොන් ගන්න විතරයි  මල් තලා සුවද නැතිවට  ලස්සනයි මට  කටු පිරුනු  බෝගන්විලා  🌼🌼🌼

තත්සර

Image
  මියුරු තත්සර  අපුරුය නුබ  අදටත්  එදා වගෙම  කැඩෙන  බිදෙන රිදෙන  ඉකිබිදින  හදවත්  සුවපත්  කරන .....

මතක

Image
  කළුපාට වෙච්චි බොද වුනු  ඉරි තැලිලා ගිය  "මතක" හිත් වලට  රිංගුවෙම  හුල්ලගෙනමයි  උනාට, සමහර තැන් වල  හිනාවෙන්න  යටගියාවක  අහුමුළු අවුස්සන්න තිබ්බෙමත්  එච්චරමයි .