දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස


 පෙමතො ජායති සොකො 
පෙමතො ජායති භයං

මෙය බෞද්ධ ධම්ම පදයෙ එන ගථාවකි.ගථා පාඨය ගුරු කොට ගත් එදිරිවීර සරච්චන්ද්‍රයො පෙමතො ජායති සොකො ඔපෙරාව තුලින් ප්‍රෙමයෙ විරහව ඉදිරිපත් කිරිමට උත්සහා දරයි.සම්භාව්‍ය සද්ධම්මාලංකාරයෙ එන ස්වර්නතිලකා කතා වස්තුවට වඩා වෙනත් කොනයකින් ගැහැනිය දෙස විමසා බලන එදිරිවිරයන් නට්‍ය පෙළ තුලින් රසිකයා ශොකාන්තයක් වෙත ගෙන යයි .ගතානුගතික බමුණු පැවතුම් මත එල්බ ගෙන සිටි උද්දාල බමුණා ස්වර්නතිලකා නෙත ගැටිමත් සමග විශාල පරිවර්තනයකට ලක් වෙයි .ස්ත්‍රින් පිළිකුල් කිරිමේ ප්‍රතිපත්තියට තිත තබන ඔහු තම සිසු පරපුරද අමතක කර දමයි.නොයෙකුත් ඝට්ටන මද්‍යයෙ ස්වර්නතිලකා විවහ කර ගන්නා අතරම අවසන ඇයගෙ මිනිය දැවෙන දර සෑයට පැන තම ජිවිතයෙන් සමු ගනි .ප්‍රෙමයෙ සොකය විරහව උපන් මෙකි සිදුවිම් පෙළ වේදිකාගත වන අවස්තාවෙදි  රසිකයා තුල ප්‍රෙමයෙ විරහ පිළිබදව අවබොදයක් ලබා දෙයි .
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මනමෙ නාටකයෙදි "ප්‍රෙමයෙන් මන රංජිත වේ නන්දිත වෙ" ලෙසද සිංහබාහු නාටකය තුළදි "අසිරිමත් වු දෙයකි මේලොව ප්‍රෙමය නමිනා" යනුවෙන්ද ප්‍රෙමයෙ චමත්කාරය පවසන අතරම මළගිය ඇත්තො,මළවුන්ගෙ අවුරුදු දා කතා තුලදි ප්‍රෙමයෙ ශොකාන්තය පෙන්වා දෙයි .



බ්‍රාහ්මණයන් ස්වභාවයෙන්ම වෙදයෙ පරිප්‍රාත්ත වු ස්ත්‍රින් ඇසුරින් දුරු වු අය වෙති .සාමාන්‍ය ජනයාගෙන් ඈත් වී ශාස්ත්‍ර ගවෙශනයෙන්  ජිවත් වන උද්දාල රාග,දොස,මොහ දුරලු පරමාදර්ශී මුනිවරයෙකි .ඔහුගෙ විශයෙහි ගැහැණු පිළිකුල්‍ ය.ශිල්ප දැනුම විනා බාහිර ලොකය පිළිබද අවබොදය හීන උද්දාල බමුණාගෙ චිත්ත සසමාධිය ඔහුගෙ අසපුව වෙත පැමිනි ස්වර්නතිලකාගෙ නෙත ගැටිමෙන් බිදි යයි.ඔහුගෙ ආධ්‍යාත්මය ඇවිළි ගිනි ජාලාවක් බවට පත් වී ඇත .

මුළුගත වෙව්ලයි

ඩහදිය වැහිරෙ 

කිසි කල නැත අප 

ඔබතුම දුටුවෙ

මේ සා චංචල ගතියෙන් පසු වෙනු 

බාහිර ලෝකය සමග නොගැටුනු හුදකලා දිවියක් ගත කල බමුණාට ස්වර්නතිලකාගෙ රෑපය බැහැර කිරිමට නොහැකිව ලත වෙයි .ස්ත්‍රිය කෙරෙහි තිබු ගතානුගතික පිළිකුල දියවි යයි .දර්ශනය ,ශාස්ත්‍ර ,වනපොත් කරමින් තම ශිල්පයට ඇලුම් කරමින් ගෙවු හුදකලා දිවිය තුල නොදුටු සෞන්දර්යාලොකයක් ස්වර්නතිලකා කෙරෙන් ඔහුට පෙනෙයි .

ළදකගෙ ඇස් මිණි පහන් ලෙස

බැබළෙන බව කවින් කී බස

නො ඇදහුවෙමි තතු නොදත්තෙන්

ඔබ දුටු වෙලෙ සැබැවක් විය එය 

වරින් වර ආලෝක වන සැටි 

වරින් වර යළි නිවි යන සැටි 

පසක් නොකළෙමි මේතුවක් කල්

ඔබ දුටු වෙලෙ සැබැ විය එය 

උද්දාල ගුලි වි සිටි ශාස්ත්‍ර ලෝවට එක් නිමිත්තක් බාහිරින් පැමිණ ඇත .සිරුරින් රන්වන් රශ්මි ජලා නිකුත් කරන සිහින් සිරැරැති ස්වර්නතිලකාවන් පසිදුරනට සොදුරු නිමිත්තකි.ඇය නෙත ගැටිමට පුර්වයෙ ස්ත්‍රි වර්ණනා බැහැර කළ පඩිවරයාගෙ සිත තුල ඇය දැකිමෙන් කවි සිතුවිලි පහළ වෙයි .

දිවා රෑ හද සමීපෙ 

දෑස නොපියා බලා ඉන්නා 

දෙයකි සෙනෙහස 

ඔහු පවසන්නෙ මෙසෙය .නිරන්තරයෙන් දැස අභියස පවතින දැස මග හැර නොයන ගැඹුරු නිරාමිස වින්දනය ප්‍රෙමය කෙස ඔහු හදුන්වා දෙයි .ලාභ,සත්කාර,බුහුමන් ආදිය තාවකාලිකව අස්වැසිල්ලක් බවත් කෙනෙකුගෙ සත්‍ය ප්‍රෙමය උත්තරිතර වු දෙයක් බවත් ප්‍රකශ කරති.

ප්‍රෙමයෙන් උද්දාල බමුනා අත් දුටු යථාර්ථය මෙයයි.තමා ගෙවමින් සිටින අදුරු දිවිය සොදුරු කළෙ මැනවැයි ස්වර්නතිලකා ඉදිරියෙ අයදියි.ස්වර්නතිලකා ගෙ ප්‍රෙමයෙන් උද්දලගෙ සිත මන රංජිත වෙයි.ඇය සමග පෙම් සුව විදිමින් දිගු කලක් සිප් හලට නොයයි.මෙයින් සිසුන් කුපිත වෙයි.අවසානයෙදි සිසුන් තමන්ගෙ සියල්ල අහිමි කල සැතිරියක් ලෙස ස්වර්නතිලකා ව දකි.මොවුන් අවිහින්සක ඇයව මරා දමයි .තම ප්‍රෙමයෙ දෙව් දුව නොමැතිව ජිවත් විමට නොහැකි උද්දාල ප්‍රෙමය ඉදිරියෙ දිවි පුදයි .ඔහුට ලද හැකි ඉහළම සතුට ,ශාන්තිය එය බව ඔහු සිතයි .

භෞතික ලෝකය තුළ ආදරයෙන් වැළද ගන්නා වූ සියල්ල අනපෙක්ශිත අයුරින් අප හැර දා යයි .එකි සනාතන දහම ඉදිරියෙ පුහුදුන් පුද්ගලයා අසරන වන අයුරු සරච්චන්ද්‍රයො පෙන්වා දෙයි .ස්ත්‍රි පුරුශ ප්‍රෙමයෙ සෝකි රිද්මය පෙන්වා දෙමින් එහි ගැබ් වන සුක වෙදනාවට වඩා දුක්ක වෙදනාවෙ ප්‍රභලත්වය අවධාරනය කරයි.පෙමතො නරඹා රග හලින් පිටව යන ප්‍රෙක්ෂකයාගෙ හද තුළ ප්‍රෙමයෙ විරහව හරි අපුරුවට තැන්පත් කිරිමට මානවවාදි සාහිත්‍යය කරුවා සමත් වී ඇත .



Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය