සොයමු ප්‍රේමයක ගැඹුර , දන්න හදුනන බැද්දෙගමින්

💫💫  යෞවනත්වයෙ  කොඩුකාරයන් දෙපලකගෙ ප්‍රෙමාන්විත හමු විම අපුර්වත්වය මුසු කොට ඉදිරිපත් කිරිමට බැද්දෙගම කතුවරයා සමත් වන්නෙ බබුන් පුංචිමැනිකා උපයොගි කර ගෙනය.බබුන් නැමති කඩවසම් තරුණයා බැද්දෙගම කතාංගයට කැන්දාලමින් පසළොස් වියැති පුංචිමැණිකා අතර ප්‍රේමණිය බන්දනයක් ගොඩ නගයි .නවකතාවෙහි තුන්වැනි පරිච්ඡේදය පුරාවටම ලියැවෙන්නෙ මෙකි ගෙතුමයි.


"ඇසළ මල් රෑනින් මුළු වනයම රන්වන් උණෙය .සුදු කරඹ මලින් ද සුදු හා දම් පාට කෙතන් මලින් ද පදුරු වැසි ගියෙය.... වලිකුකුළන්ගෙ හා මොනරුන්ගෙ නාදයෙන් වනය ඒක නාද විය ."

වනයට වසන්තය උදා වු සමය මෙය විය .බබුන් අප්පුගෙ සහ පුංචිමැණිකාගෙ ජිවිතයට වසන්තය උදා වුවා සෙය .නිර්මල පිවිතුරු උණුසුම් සිතුවිලි ගොන්නෙන් යොවුන් හදවත් පිරි පවති .එවා ඇසළ මල් මෙන් රන් වන් වු අතර කරඹ මල් මෙන් ස්වෙත වර්ණ විය .කතුවරයා අපුරු අයුරින්  වනයෙ සෞන්දර්ය ඉගි කර දක්වා තිබෙයි .ඔවුන් දෙදෙනාගෙ එක් විමට බැද්දෙගම වනය ආශිර්වාදය ගෙන එයි .

යාබද නිවසෙ සිටින පුංචිමැණිකාගෙ රෑපය නෙත ගැටෙන බබුන්ගෙ සිත උද්දාමයට පත් වෙයි .හේන් වාරයෙ එක් දිනකදි තම සිතැගි ඇය වෙත ප්‍රකාශ කිරිමට බබුන් කටයුතු කරයි .

"ඇයි උඹ දුවන්නෙ ? ඇයි උඹ බය වෙන්නෙ පුංචිමැණිකා ?මං උඹට හිරිහැරයක් කරන්නෙ නෑ ."

අවංක යොවුන් හදවත් තුළ පූදින නිර්මල ප්‍රේමය පිළිබදව වනාන්තරයෙ සංකේත දක්වාඉදිරිපත් කරන කතුවරයා ඔවුන් දෙදෙනාගෙ ප්‍රථම හමු විම ආදරණීය ලෙස අකුරු කරයි .

ගමේ ආරච්චිගෙ මස්සිනා වු බබුන් හා බැද්දෙගම ගම්මානයෙ වනචාරි පුද්ගලයෙකු ලෙස නම් ලත් සිලිදුගෙ දුවනිය අතර ප්‍රේම බන්ධනය බැද්දෙගම ගම්මානයෙ ම පුදුමයට හෙතු විය .බබුන්ගෙ අක්කා මෙන්ම මස්සිනා වු ආරච්චිද මෙම විවාහය සදහා තමාගෙ කැමැත්ත පල නොකලෙය .නමුත් පුංචිමැණිකා කෙරෙහි තිබු සෙනෙහස හෙතුවෙන්  සියල්ල අත හැර දමා ඇයව විවහ කර ගැනිම සදහා සූදානම් විය .

"

මං ඈට ආදරෙයි .මං ඒ ගැන හිතලා ඉවරයි ......පුංචිමැණිකා හැර වෙන කිසිම ගෑණියෙක් මට එපා .උබලාගෙ ගෙඩර මට නැතුවට කමක් නෑ .වෙන ම ගෙය්ස්ක් හදා ගෙන ඈත් එක්ක ජිවත් වෙන්න මට පුලුවනි ."

සියල්ලන්ගෙම චොදනා ඉදිරියෙ නොසැලෙන ප්‍රේමවන්තයා පුංචිමැණිකා තම බිරිද කර ගත්තෙය .තමන් මෙතෙක් සිටි අක්කාගෙ නිවසින් පිටවන මොහු සිලිදුගෙ වත්තෙහිම යාබදව කුටුම්බය ගොඩ නගා ගනියි . සොදුරු කැදැල්ල දෙදෙනාගෙ එකමුතුවෙන් ගොඩ නගා ගන්නා ලදි .තම බිරිද ඇයගෙ ළබැදියනගෙන් ඇත් කර තැබිමට ඔහුට අවශය නොවිය .ආදරණිය බැදිමෙ සොදුරු තිළිනයක් ලෙස සිගිති දියණියක ලැබිණි .

නාගරික සට කපටි ප්‍රනාන්දු මුදලාලි බැද්දෙගම ගම්මානය වෙත පැමිනිමත් සමග බබුන්ගෙ කැදැල්ලෙ ප්‍රහර්ෂය පලා යාම ආරම්භ විය .සල්ලාල ඔහුට පුංච්මැනිකාගෙ රැව රාගික සිතුම් ඉස්මතු කරන්නක් විය .ඇය වෙත විවහ ඇරයුම් ගෙන ගියද සියල්ල ප්‍රතික්ෂේප විය .බබුන් ඉදිරියෙ පුන්චිමැනිකා වරදකාරි ගැහැණියක බවට පත් කිරිමට කටයුතු කරයි .නමුත් බබුන් තුළ තම පතිනිය පිළිබද තිබු විශ්වාසය පලුදු නොවිය .

ධනය , සහ නිල බලය ඉදිරියෙ දෙදෙනා ගොඩ නගා ගත් සොදුරු කැදැල්ලෙ සිහිනය බොද විමට පටන් ගන්නෙය .තම මහත් චේතනා මුදුන් පමුනුවා ගැනිමට පුන්චිමැනිකා අනු බබල නොදුන් නිසා බබුන් බොරු නඩුවක පටලවයි .නීතිය ඉදිරියෙ සාක්ශි නොමැති අසරණයා මාස හයකට සිර ගත වෙයි .

"

මට හිර හෙට යන්ට බෑ හාමුදුරුවනෙ .මගෙ ගෑණි ! ඈට මොකද වෙන්නෙ "

තමන් සිරගත විමෙන් තම ප්‍රියාවිය තනිවන බව ඔහු දනි .වයස්ගත සිලිදු කෙසෙ නම් ඇයව ආරක්ශා කරන්නද ? ධනවාදයෙ කූණාටුව ඇයව බිලි ගනිවිදො ? යන දහසකුත් සිතුවිලි මැද ඔහු සිරගත වෙයි .මාස හයකට සිර ගේ නියම වුවදඔහු යලිත් පැමිනියේ නැත .ඔහු සොයා යන පුන්චිමැනිකාට අසන්නට ලැබුනු තම ස්වාමියා සිර ගෙදරදි මිය ගිය බවයි . 

අවසානයෙදි බැද්දෙගම ගම්මානයෙ මිනිසුන් වෙනත් ප්‍රෙදෙශ කරා සංක්‍රමණය විමට පටන් ගනි .බබුන්ගෙ මතක වැලදියා වු ගැහැණිය බැද්දෙගම කතාන්ගයෙ අවසාන තුරුම්පුව බවට පත් වෙමින් ජිවිතයට සමු දුන්නෙය .

Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය