බැද්දෙගමින් හමුවු පිය සෙනෙහස

උබ වගෙ හොද තාත්තා කෙනෙක් මේ ගමෙ හිටියාද ?

දයාබර දියණියකගෙ මුවග මිමිණුනු පිය සෙනෙහසක වචන ගැලපුමට ජිවය දෙන්නෙකු බැද්දෙගම කතු පිටු අතර රදවාලුයෙ  " සිලිදු " ලෙස නම් තබමිනි.සැබවින්ම ඔහු පිතෘත්වයෙ සන්කේතාත්මක පසුබිම මතින් බැද්දෙගම තුල සැරි සරන්නට විය. සිලිදුගෙ පැල්පතට එකමත් එක කාලෙක අරක් ගත් පුන්චි ගෙබි පැටික්කියො දෙදෙනෙකු සමගින් සිලිදු බැද්දෙගම පිටු අතර රදවාලු පීතෘ සෙනෙහස මායිම් නොවිය .මව් සෙනෙහසෙ අග හිගකම ජිවිත කතාවට උපතින්ම අදා ගනිමින් උපන් සිලිදුගෙ නිවුන් දුවරුන් දෙදෙනාට ඔහු ලබා දුන් ආදරය ,සෙනෙහස බැද්දෙගමින් නම් දුන් වැදි මිනිසා වු සිලිදු සහෘද අභිමුව කරුණාබරිත චරිතයක් බවට ද පත් වන්නෙ එතැන් සිටය .


දරු ප්‍රසූතිය දරුවනට මව අහිමි කල විට සිලිදු සිය සොහොයුරිය වන කර්ලිනාහමි කැදවගෙන අවුත් දරුවනට අපූර්වාන්විත මවක් හදුන්වා දුන්නෙය.නමුත් වසර තුනක් යන තුරවටවත් පුංචිමැණිකාත් හින්නිහාමිත් ලෙස නම් ගත් සිය දරුවන් පිලිබද  කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් සිදු නොකලෙය.දිනෙක බහ තෝරණ පුංචිමැණිකගෙ මුවින් ගිලිහෙන කටකාර සිගිති වචන ගෙතුමන් සිලිදු හා දරුවන් අතර හාදකමෙ මුල් බිජුව රෝපණය කරන්නට විය.


"උඹ හොදට පරිස්සම් වියම් නැත්තම් මොකෙක් හරි යකෙක් පදුරකිම් එලියට පැනල උඹවත් අල්ල ඩැහැගෙන යාවී"

සිලිදුගෙ කතා බහ සිගිත්තියට නොතෙරුම් කමක් තිබුනද මේ නිහඩ මිනිසා සිය දරුවන්ට බෙදා දෙන්නට වෑයම් කරනුයෙ අනාගතය පිලිබදව පවත්නා අස්ථාන සංකල්පයක් නොවෙද?සිය දියණියන්ගෙ හෙට දවස සොදුරුතම නවාතැනක ගෙවන්නට මං කැපිමක් අහිංසක අප්පොච්චිගෙ සිතුවිලි තුළ ගැබ්බරව පවතින්නෙමය.

පියකකු තම දරුවන් සමීපයෙහි දැවටෙමින් විදින ආස්වාදනියසෙනෙහස සිලිදු උපරිමයෙන් විද ගත්තෙය .ඔවුනගෙ රැවුම් ,ගෙරවුම් ,සිනහවන්,වැටිම්,පෙරලිම් ඔහුට සිය ජිවිතයෙ සදාතනික වත්පොහොසත්කම් විය.

"පුංචිමැණිකාට හෝ හින්නිහාමිට කිසි විටෙකත් රළු කරළු වචනයක් පවා ඔහු නොකිවෙය.ඔවුන් සදහා කිසියම් වන පලවැලයක් හො මී වදයක් හෝ නොලැබ කිසි දිනෙකත් ඔහු හිස් අතිම් ගෙදර නාවෙය ."

පුන්චි පැටවුන්ගෙ බඩකට පුරවා සතුටින් තැබිමට සිලිදු වග බලා ගත්තෙ එලෙසිනි.දිනපතා නිතිපතා දරුවන් උදෙසා ජිවත් වූ සිලිදුගෙ දිවියට බැද්දෙගම අන් හැම කෙනෙකුටම වාගෙ සොබාදමින් දුන් අභියොග බල පැවැත්වෙන්නට වුවාක් මෙන්ම දරුවන් විසින්ද ඔහුට එල්ල කර දුන් අභියොගයන් ඉන් පෙරමුනෙ හිස රදවාගන්නට සිදු විය .මේ අපුර්වතම බැදියාව කෙතරම් ලයාන්විත ද කියතොත් දින කිහිපයක් වත් ඔවුනගෙන් වෙන් කොට තැබිම උගහට විය .

දරුවන් තුරුනු වියට පැමිනෙත්ම සිලිදුගෙ  හදගැස්ම පෙරදාක හැදිනගත් අනාගත ඇස් මායිමෙ සරදම් කතා කියමින් සිලිදුගෙ ගෙට රිංගන්නට විය .ඒ බබුන් අප්පු හා පුංචි රාළ විසින් සිය දියණියන් දෙදෙන විවහ කර ගැනිමත් සමගය.සිලිදු ඔවුන් තම සතුරන් සේ සිතිය .

"මං ගෙදර නැති අතර හොරුන් රිංගනවා.මම කවලා පොවලා හදපු ,මට අප්පොච්චි කියාපු ,මං කැළේ ඉදලා එන කොට පල වැලත් මී වදත් ගෙනත් දිපු මගේ උංචි වුන් දකිනවා.නයි පොළොන්ගු වගෙ හොරු මෙකට හොරෙන් රිංගලා මගෙ පුංචි උන්ම ගෙන් හොරකම් කරනවා ."

පුංචි මැණිකා බබුන් සමග දීග යන්නට තිරනය කිරිම සිලිදුට වැදුනු විස දළ පහරක් මෙන් ඔහු කෑගැසුවෙය.ඔහුගෙ තොරතෝන්චියක් නැතිව ගලා එන කියවිල්ලෙ ගැබ් වී ගිය දරැ සෙනෙහසක කම්පිත රාවයන් බැද්දෙගම කතු මෙසෙ සුසුම් රොදක මුසු වෙමින් රසිකයා අභිමුවට පැමිණෙති.අවසානය විසින් ඔහු නිහඩ කර දමනුයෙ කිසිවක් කර ගත නොහැකි වු අසරණයකු ලෙසිනි.ඒ දරුවනට පිටු පාන්නට ඔවුන්ගෙ හිත් රිදවිමට අප්පොච්චිට නොහැකි වූ නිසාවෙනි .එය ද කතු මෙසෙ වචන කරවාලයි .

"තමාගෙ වාසියට හෙතුවන කිසිවක් කිරිමට හො කිමට සිලිදු අසමත් විය .තවත් පවක් තමාට පල දුන් බව පමණක් සිලිදු වටහා ගත්තෙය .කතාව නතර විය .මුළු රෑ එළි වෙන තුරුඅදුරු වනය දෙස බලා ගෙන මිදුල මැද හිද ගෙන උන් ඔහුගෙ මුවින් ඉද හිට පිටවුයෙ අයියො ගෙදර පාළුයි යන්න පමණකි"

කලවයසට පැමිනෙත්ම දරුවන් දීගයක යැවිම සම්මතයක් වුවද සිලිදුගෙ අපරිමිත දරු සෙනෙහස තුළ එය අසම්මතයකි .නිවුන් දියණියන්ගෙන් ඔහු සමිපයෙ ඉතිරි වු හින්නිහාමි දිගයක ගන්නට වෙදරාළ පැමිණි මොහොතෙඔහු ඊට විරුද්ධකම් පාන්නෙ එබෙවිනි.

" ළමයා තවම ළපටි වැඩියි .ඈ තවම මල්වර වෙලත් නෑ "

"එතකොට සිලිදු උබ ළමයව දෙන්නෙ නෑ "

"මට බැහැ .මට බැහැ."

"අයියො මම කොහොමද මෙක කරන්නෙ "

සිලිදු තුළ  හින්නිහාමිගෙ අනාගතය පිළිබදව ඇති වු අස්ථාන බියෙන් ප්‍රෙතික්ෂෙප වී ගිය එකි යොජනාවන් අවසානයෙදි හින්නිහාමිව සිය නෙත් දෑලින් සදහටම මකා දමන්නට කරුණු කාරණා තීරණය විය .පුංචිරාළ ගම්මුන් හා එක්ව යෙදු කූට උපායන් සිලිදුගෙ පැලෙ දරු වියෝගින්නක සේයා විත්ති තැබිය .

තවමත් නිරුවතින් මුවා ළග වැතිරි සිටින හින්නිහාමි සිලිදුට හමු වුයෙ පහු දා උදයෙය .හිස පින්නෙන් තෙත් වී අත් පා සීතලෙන් දර දඩුව සිටි ඈ නැගුටුවන්නට සිලිදු ගත් උත්සහය වයර්ථ විය .මට මෙහෙම ඉන්ඩ අරින්ඩ අප්පොච්චි .මට මෙතන මැරෙන එක සැපයි ......සිලිදුගෙ කදුලු බිදු හින්නිහාමිගෙ මුහුණට වැටුනු විට ඈටද හැදුම් ආ නමුතින් පසු ඈ දුකක් පෙන්වුයෙ නැත ."

හින්නිහාමිගෙ අක්‍රිය වූ ශරිරය දොත දරා ගත් සිලිදුගෙ නෙතට බැද්දෙගම කතු කදුලු කතා ගෙත්තම් කරන්නට වු මොහොත සැබවින්ම පියෙකුගෙ දරැ සෙනෙහසක කතන්දරයෙ නොපෙනෙන මායිම් රෑල් අතර අකුරු කරන්නට වුවා නොවෙද ?

බැද්දෙගමින් සිලිදු හා යාවි ගිය අකීකරුකම් මතින් සිලිදුගෙ පැලෙන් ඔහු සතු සදාතනික වත්පොහොසත්කම් උදුරාගන්නට වුයෙන් ඔහු නැවතත් නිහඩ මුනිවත දරන්නෙකු බවට පත් කරවන්නට විය .

"කල් පසුවන විට සිලිදුගෙ තත ශොකය කෙමෙන් මග හැරි ගිය නමුත් ඔහු ජිවත් වුගෙ මෙලොව එප වුවෙකු මෙනි .ඔහුගෙ ගෙදර කාලකණ්ණි අදුරු පෙනුමක් ඉසිලුවෙය ."

අවසානයෙ සිලිදුගෙ පෙනෙන මායිමෙ වුන් එකම් ජිවිත අපෙක්ෂාව පුංචිමැණිකා පමනක්ම වුයෙන් පුංචිමැණිකා ඉදිරියෙ විවර වී ගිය ප්‍රනාන්දුගෙත්  ආරච්චිගෙත් ආක්‍රමන වලට සිලිදු චන්ඩ මරුතය්ස්ක් ලෙස මුහුන දුන්නෙය .පුංචිමැණිකාගෙ ජිවිත කඩ  ඉම අස්ථාවර මගකට ඇදි ගියෙ ස්වාමි පුරුෂයා බොරු නඩුවකින් සිර ගත කොට ඇය වැන්දඹුවක් විමෙනි .

"ඒකට කමක් නෑ පුතා .එකට කමක් නෑ .උබ බය වෙන්ඩ එපා .නාකි මීමාට තවම පුළුවනි .ඌ කල් නොගිහින්ම අනිවි ."

සිලිදු බබුන් අභියසට මෙසෙ දන්නා නොදන්න කතා පුවතක් ගෙන එන්නෙ පුංචිමැණිකාගෙ ආරක්ෂකයා වීමට තවමත් මහළු අප්පොච්චි සමතකු බව කියා පාමිනි .මෙය වූ කලි ජිවිතයෙ කුමන කාල සීමාවක් තුලදි වුවද පියකු තුළින් හමු වන දරු සෙනෙහසෙ අපරිමිත සංකල්ප නොවෙද ? 

මහළු අප්පොච්චි ගෙ අවසන් තීරනය ලියවි තිබුනෙ සිය ජිවිතය දියණිය වෙනුවෙන් කැප කිරිමටයි .දියණියගෙ කල දසාව ඉදිරියට වසන්තයක් කිරිමටයි .ප්‍රනාන්දුත් ආරච්චිත් වෙඩි තබා මරා දැමිමට ඔහුගෙ තුවක්කු ප්ස්තොරම් මුල පිරුවෙ ලියවිල්ලෙ කරුණු කාරනා සනාථ කොට දමමිණි.

"කරදරෙ ඉතිම් ඉවරයි "

සිලිදුගෙ තොල් මැතිරුම දියනියව බිලි ගන්නට ආ ධනවාදි සතුරන්ගෙ මරණ සහතිකයට අත්සන් තැබිල්ලෙ විත්ති බැද්දෙගම රසිකයා වෙත ගෙනහැර පාන්නට විය .

සිලිදු පුංචිමැණිකා අවසන් හමුව බැද්දෙගම කතු වඩා දුක්ඛිත ස්වරෑපයකට වියමන් දරන්නට වන්නෙ උතුරා යන පිය සෙනෙහසක විත්ති සේයා කරවාලමිණි .


"හ උබට කිසි වරදක් වෙන්නෙ නෑ .ඒක මට සහතිකයි .දැන් ඉටින් උබට කරදර කරන්ඩ කවුරුත් මේකෙ නෑ .උබට ආයෙ නිදහසෙ ඉන්ඩ පුලුවම් "

ඔවුනොවුන්ගෙ වෙන් විම සිලිදුගෙ අතදැරූ  මාංචු කුට්ටමින් සනාථ වී යන අතර තුර සිලිදුගෙ සෙනෙහසෙ සිරගත් යදම් මුවගින් ගිලිහෙන වදන සිරකොට තබා ගත නොහැකි විම පුර්වෝක්ති ළ්බැදියාවන් රසික අභිමුවට කදුලු කතා ගලපමින් සමාප්ති සටහන් තබන්නෙය .

සිලිදු ලෙසින් බැද්දෙගමින් මුණ ගැසෙන අප්පොච්චිගෙ පපු ගැබෙහි ඇදිගිය දරු සෙනෙහසෙ හිමිකාරිත්වය දරු මුණුබුරන් අතරද හරි අපුරුවට බෙදි යනුයෙ ගම්මුන්ට පිස්සෙකු වුනු සිලිදුගෙ ආදරණිය පැතිකඩයන් මුදුන්පත් කරවාලමිණි .කෙටි කාලින මතක විත්ති සිලිදුගෙ ජිවිතය තුල දිග හරින දරුමුනුබුරු සබදතාවයන් ඊට මා හැගි සංකල්පනා වෙයි .

"

දරුවන්ගෙ මරණයෙන් වූ පාඩුව අනිත් සියල්ලටම වඩා තදින් දැනුණෙ සිලිදුටය ."

මේ ආකාරයේන් බැද්දෙගමින්  අකුරු ගැළපෙන පිය සෙනෙහසක් රෑ රචනාවන්ට පණ පොවන්නට "සිලිදු "නම් ගත් චරිතාරොහකයා සර්ථක මං තනන්නකු වුවා නො අනුමානය .








Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය